රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
IMF වැඩසටහනේ ප්‍රගතිය - 2025 මැයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ 17 වැනි ණය වැඩසටහනෙහි ප්‍රගතිය මනින වෙරිටේ රිසර්ච් IMF මීටරයට අනුව, 2025 මැයි මාසය වන විට තත්ත්වය පහත පරිදි වේ.

1.    සනාථ කළ හැකි සම්පූර්ණ කළ කැපවීම්: 10%
2.    සනාථ කළ හැකි සම්පූර්ණ නොකළ කැපවීම්: 5%
3.    ප්‍රගතිය නොදන්නා කැපවීම්: 17%
4.    ඉටුකළ යුතු කැපවීම්: 68%

සනාථ කළ හැකි සම්පූර්ණ කළ කැපවීම්: 10%

ශ්‍රී ලංකාව සිය කැපවීම්වලින් 10%ක් සම්පූර්ණ කර තිබෙන අතර, ඒවා සනාථ ද, කළ හැකි ය. මේ අතරට මීට පෙර ‘ප්‍රගතිය නොදනී’ ලෙස වර්ග කර තිබූ කැපවීම් 4ක් ද, ඇතුළත් ය. මෙම කැපවීම් ඉටුකළ යුතුව තිබුණේ මාර්තු මාසයේ ය. නමුත් ඒවායේ ප්‍රගතිය විමසුමට ලක්කිරීමට අවැසි දත්ත ලබාගැනීමට හැකිවූයේ ඊට පසු මාසවල සිට ය. එම දත්තවලට අනුව මෙම කැපවීම් දැන් ‘සම්පූර්ණ කළ’ ලෙස වර්ග කළ හැකි ය.
  

 

සනාථ කළ හැකි සම්පූර්ණ නොකළ කැපවීම් (5%)
කැපවීම් වලින් 5% ක් සනාථ කළ හැකි සම්පූර්ණ නොකළ කැපවීම් ලෙස තක්සේරු කර ඇත. මෙයට පහත සඳහන් කරුණු ඇතුළත් වේ:

කැපවීම්වලින් 5%ක් සනාථ කළ හැකි සම්පූර්ණ නොකළ කැපවීම් ලෙස වර්ග කර ඇත. ඒවා අතරට පහත කැපවීම් ඇතුළත් ය.

  • විදුලි ගාස්තු - විදුලි ගාස්තු පවත්වාගත යුත්තේ පිරිවැය ආවරණය කරගත හැකි මට්ටම්වල බවට වන කැපවීම වර්ග කර ඇත්තේ සනාථ කළ හැකි සම්පූර්ණ නොකළ කැපවීමක් ලෙස ය. IMF මීටරයේ මැයි මස ප්‍රගතිය වාර්තා කිරීම සදහා වූ ඇගයීම සිදුකෙරුණේ එම මස අගභාගයේ දී, වන අතර, විදුලි ගාස්තු සම්බන්ධයෙන් වූ මෙම තීරණය නියමිත මැයි මාසයේ සිට ජූනි මාසය දක්වා ප්‍රමාද වීම ඊට හේතුව යි. එම තීරණය අනුව 2025 ජූනි මස 12 වැනිදා සිට විදුලි ගාස්තු 15%කින් ඉහළ නැංවිණ. මෙය සැළකිල්ලට ගනිමින් මෙකී කැපවීම සනාථ කළ හැකි සම්පූර්ණ කළ කැපවීමක් ලෙස අයිඑම්එෆ් මීටරයේ ඉදිරි ජූනි මස ප්‍රගති වාර්තාවේ දී, වර්ග කෙරෙණු ඇත.
  • සමාගම් පනත සංශෝධන: FATF ප්‍රමිතීන් වාසිදායක හිමිකාරීත්ව රාමුව අනුගත කිරීම සඳහා සමාගම් පනතට සංශෝධන හඳුන්වා දෙන බවට වන කැපවීම ඉටුකර නැත. යෝජිත සංශෝධන ජූනි 5 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඉදිරිපත් කෙරුණත්, මැයි මස ඇගයීම සිදුකරන විට පවා ඒවා බලාත්මක කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම කැපවීම ඉටුකළ නොමැති කැපවීමක් ලෙස වර්ග කර ඇත. 

ප්‍රගතිය නොදන්නා කැපවීම්: 17%
 

කැපවීම් වලින් 17% ක තත්වය 'ප්‍රගතිය නොදන්නා' ලෙස වර්ග කර ඇත. මෙයින් ඇඟවෙන්නේ මෙම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට හැකි වන පරිදි ප්‍රමාණවත් තරම් දත්ත තවමත් නොමැති බවයි.
  

ඉටුකළ යුතු කැපවීම්: 68%
 

කැපවීම් වලින් 68% ක් දැනට  ඉටුකළ යුතු කැපවීම් ලෙස වර්ගීකරණය කර ඇත.  මෙම කැපවීම් මැයි මස අවසානය වන විට ඉටුකළ යුතු වූ කැපවීම් නොවේ. IMF වැඩසටහනේ කාලරාමුවට අනුව ඒවා සම්පූර්ණ කළ යුත්තේ පසුව ය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ 17 වන ණය  වැඩසටහනෙහි ප්‍රගතිය අධීක්ෂණය කරන එකම වේදිකාව වෙරිටේ රිසර්ච් IMF මීටරය යි. එය වෙරිටේ රිසර්ච් හි පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වන Manthri.lk වෙබ් අඩවියෙ හි ස්ථාපිත කර තිබෙන අතර, https://manthri.lk/si/imf_tracker හරහා එහි ප්‍රවේශ වී වැඩිදුර තොරතුරු ලබාගත හැක.

2025-06-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න